Sunday, June 29, 2008

පරණ පොතක පිටු අතරදී...

අද ක්‍රි.ව. දෙදහස් අට වර්ෂෙය්‍් ජුනි මස විසිනම වෙනිදා, ඉරිදාවක්. ටිකක් විතර කලබලකාරී දවසක් උනා. ඒ අතර අරමුණක් නොමැතිව පරණ පොතක පිටු අතර ගැවෙසමින් සිටියදී මීට වසර තුනකට පමණ ඉහතදී ලියවුණු පද වැලක් ඇස ගැසුණා. හිතුනා ඒක අද සටහනට එක් කරන්න ඕන කියලා.


විරාගය

විරාගය
විරාගයක්ම වීද?
අරවින්ද
ඔබ රාගයෙන් තොර
වූවෙක්ද?
සියල්ල තිබූ ඔබ හිස තුළ
රාගය පමණක් නොතිබුණේද?
කලියුගය,
කලියුගයක්ම
වූ බවට සැක නැත.
නමුත් තිස්ස,
ගම්පෙරළියෙන්
පැමිණි ඔබ,
කලියුගය
වටහාගත්තේ කෙලෙසකද?
යුගාන්තයට
පුරෝගාමියෙකු වූයේ කෙලෙසකද?
වික්‍රමසිංහයිනි ඔබ,
අරවින්ද සහ තිස්ස
දුටුවේ,
කොතැනක කෙලෙසකද?
‍මා සෙවූවොත්
හමුවිය හැකිද
ඔවුන් අද?
එසේ නොමැති නම්,
මටම ඔවුන් විය නොහැකිද?

(2005)

දැන් නම් තිස්වෙනිදත් වෙලා...

නැවත හමු වන ‍තෙක් සුභ කලක්...

5 comments:

Lahiru said...

හරිම අපූරුයි. :) පොතක් ලියන්න. :)

DK-MCK said...

Galaayana sithiwili wala sundarathwaya kathru wisin aganaa wadan pelakata harawa likhithawa idiripath kireema harima puduma sahagathai. Kiyawannaath asannaath eyathula kimidaweemata ohuta athi hakiyaawa !!! sabawinma eya ohuge ho ayage dakshathawayamai!!!

Nevi said...

කලි යුගය කලි යුගයක්ම වූ බැවින් ඔබත්; මමත්; තිස්ස හෝ අරවින්ද වීමට බැරි නැත.

තාත්වික කවි පෙලක්...

Hiranya said...

@lahiru: ෙහාද අදහස... ඒත් කිුයාවට නගන්න තමා අමාරැ :)

@dk-mck: මමත් එකඟයි.

@nevi: ස්තුතියි

Pramodh Theekshana said...

විරාගය විරාගයක්ම විය
අරවින්ද අන් අය සේම
රාගයට ලොල් විය
කලියුගයෙන් ගම්පෙරලියට ආ
තිස්ස නිකමෙක් විය.
මඩෙල් දුව විකුමසිංහ යුගයේ
අන්තය විය.
අරවින්දත් තිස්සත් මුහුනට මුහුණ
බලා සිනා විය.
පිවිතුරු අලය පොත්වලට පමණ්ක්
සීම විය