Tuesday, July 8, 2008

හිත එහේ මෙහේ දුවන වෙලාවක...

අද ක්‍රි.ව දෙදහස් අට වර්ෂයේ ජූලි මස අට වෙනිදා, අඟහරුවාදාවක්. ලියන්න හුගක් දේවල් හිතේ පොදි ගැහිලා තිබුනත් ඒවා එක් කරගන්න තරම් නිදහසක්වත් කාලයක්වත් දැන් නෑ. ඒක නිසා මීට වසර කිහිපයකට ප්‍රථම ලියන්නට යෙදුනු පද වැලක් දින සටහනට එක් කරන්න හිතුනා.

වදන්

වදන්
විටෙක සොඳුරුය
විටෙක කුරිරුය
විටෙක මධ්‍යස්ථය
එහෙත් ඒ සැම විට
අවශ්‍ය වුවද
අනවශ්‍ය වුවද
රැදී ඇත හදවතේ
කොහේ හෝ තැනක
අවශ්‍ය විටෙක
හිනස්සන්න,
රිදවන්න,
මැදහත්ව සිතවන්න
මතකයන් ලෙස
පෙළගැසී එක පෙළට...


(31-10-2005)

නැවත හමුවන තෙක් සුභ කලක්...

3 comments:

situvili said...

අද තමා ඔබේ අඩවිය දුටුවේ. සටහන් හරි අපුරුයි. සාර්ථක සටහන් පෙලක් තබන්නට සුභ පැතුම්.

Malinthe Samarakoon said...

අකුරු වල පොඩි ගැටළුවක් තියෙනවා වගෙයි. ටයිප් කරන විදියෙ අවුලක්වත්ද? කොහොම වුණත් මෙන්න මගේ සුභපැතුම්! :)

ඔහේ said...

දිගටම ලියන්න මගෙන් සුභපැතුම්!