අද ක්‍රි.ව දෙදහස් නවය වර්ෂයේ පෙබරවාරි මස විසි හත් වෙනිදා, සිකුරාදාවක්. හරියටම කියනවනම් හත් මාසෙකටත් වැඩි කාලෙකට පසුව තමා ඔයාව හමු වෙන්න එන්නේ. හරිම විනේාදජනක දේ කියන්නේ, මේකේ දින සටහන් කියලා දාලා තිබුනට මාස සටහන්වත් නොමැතිකමයි. ඒක දැක්කම මටම හිනා. ඔන්න ඉතින් හා හා පුරා කියලා අද සටහන පටන් ගත්තේ ආෙය‍් නම් එහෙම නිවාඩු ඔයාට දෙන්නේ නෑ කියලා හිතාගෙන. බලමු ඉතින් කොහොම වෙයිද කියලා.
ඉතින් ඔයයි මමයි හමු නොවුනු මේ කාලේ ඇතුලත මම ඉන්න මේ පුංචි රටේ වගේම ලෝකෙ වටෙත් හුගක් දේවල් සිද්ධ වෙලා.
මම ජීවත් වුනු මුළු කාලේ පුරාම පැවතුනු අර උතුරුකරේ යුද්දේ, ඒෙක් තත්වය නම් දැන‍් හුගක් දුරට වෙනස් වෙලා. අපේ ත්‍රිවිධ හමුදාවේ ඉන්න කොල්ලන්‍ටයි කෙල්ලන්‍ටයි පින් සිද්ධ වෙන්න අර ඔලමොට්ටල කොටි ත්‍රස්තවාදී කල්ලියේ බලය හුගක් දුරට බිදිලා ගිහින්. ඒත් ඉතින් උන් දකුණුකරේ පත්තු කරන මල් වෙඩි වල වැඩි අඩුවකුත් නෑ, ඒ වගේම ඒවට දිවි පුදන අපේ මිනිස්සුන්ගේ අඩුවකුත් නෑ. මං නම් හිතන්නේ දුටු ගැමුණු, වළගම්බා, වීර පුරන් අප්පු වගේ අතීත වීරයෝ වගේම ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබිබෑකඩුව, හසලක ගාමිණී වගේ අද කාලයේ වීරයෝ ගැනත් පාසැල් පෙළ පොත් වලට එකතු කරන්න කාලය ඇවිත් කියලයි.
අර රටක් තියෙන්නේ තමන් ලෝකෙටම ලොක්කා කියලා හිතාගෙන ඉන්න, මං දන්නවා ඔයාට මතක් වෙන්න ඇති මං කවුරු ගැනද කියන්නේ කියලා, අමෙරිකා එක්සත් ජනපදය ගැන. ඒ රටෙත් සෑෙහන වෙනසක්නෙ සිද්ධ උනේ. ප්‍රථම වතාවට කළු ජාතිකයෙක් ධවල මන්දිරේ රජ පුටුවට ෙත්රී පත් උනානේ. ඒ රටේ වගේම ලෝකේ වටේ අනිත් රටවලුත් සිද්ධිය දිහා බලන් හිටියේ සෑහෙන උනන්දුවකින් හා උන්මාදයකින්. මොනා උනත් ජනාධිපති වුනු බැරැක් ඔබාමා මහත්මයා අසාමාන්‍ය හැකියාවක් තියෙන පුද්ගලයෙක් බව අවිවාදයෙන් පිළිගන්න ඕන කාරණාවක්. මනුස්සයා කිව්වා වගේම පළමු දවසේ ඉදන්ම වැඩට බැස්සා. මත භේදයට තුඩු දුන් ග්වාතමානෝ බේ සිර කදවුර වසා දමන්න කාල සීමාවක් වගේම, අමෙරිකානු සී.එන්.එන් ප්‍රවෘත්ති ජාලය අනූව අද උදෑසන වන විට ඉරාක භූමියෙන් අමෙරිකානු හමුදා ඉවත් කර ගන්නත් කාල සීමා යොදලා.
ඉතින්, අද කාර්යාලයේ වැඩක් නොතිබුණු නිසා තමා ලියන්න පුළුවන් උනේ.
නැවත හමු වෙන තෙක් සුභ කලක්....
2 comments:
යුද්ධෙ, ලොකේ, ඇමෙරිකාව විතරක් නෙමේ මට පේන විදියට මේ බ්ලොග් එක ලියන කෙනාගෙත් වෙනසක් මේ සටහනත් එක්ක මම දැක්කා.. වෙනස් ආරක සටහනක්.... ලියල තියෙන වෙනස සහතික ඇත්ත.ඇත්ත ලියන්න දිගටම වෙලාව ලැබේවා.. :)
වෙනස් විමක් නෑති තෑන දියුනුවක් නෑ කියන්නා වගේ. මෙ විස්තරයත් සෑහෙන අලුත් විදියකට ලියලා තියෙනව. හරිම ලස්සනයි.ඔයාට හමදාම ඔෆිස් එකේ වෑඩ නත්නම් හොදයි කියල මට හිතෙනව.තව තව ලියන්න අදහස් ශක්තිය තව තව ලෑබේවා කියල මම පතනව.
Post a Comment