Sunday, March 8, 2009

“මා හා ජීවිතය”

අද ක්‍රි.ව දෙදහස් නවය වර්ෂයේ මාර්තු මස නම වෙනිදා, සදුදාවක්.

“මා හා ජීවිතය”

අඳුර රජයනා එක් නිශායාමයක
පුන්ස‍ඳේ එක් සඳ කිරණකදු නොමැතිව
තනිව මම කල්පනා ලොවේ නිග්මන්ව
ගැලපුවෙමි අතීතය සහ වර්තමානය එකිනෙක

ප්‍රශ්නාර්තයකි, කොහිද අද?
මාවතක් නොමැති‍ව යන මේ ගමන් මඟ
අතරමංව, කටු ඉඹුල් වන ලැහැබවල් රුදුරු වන සතුන් මැද
විඩාපත්ව, නැඟී සිටිමි අනාගතයට යන මෙමඟ

ආදරය සහ විරහව එකිනෙකා හා අත්වැල් බැඳ ගෙන
කැරකෙයි මා වටා මතකයන් හා වේදනාවන් ඉතිරි කොට
ඔබ දුන් ඒ රතු රෝස මල පරව ඇති නිසාවෙන් පොතක පිටු අතර
නැත, හිතත් වාසනාවත් පහස විදින්නට රතු රෝස මලක සුමුදු පෙති අතර

ජීවිතය, අප මෙකල ගමන් කරනා වංකගිරියක
තැලී පොඩිවී හඳ බිඳී බලාපොරොත්තු සුන්ව ගිය කල
නිහඬව නිසලව නිසොල්මන්‍ව බලා හිදී අඳුර තුළ
විවර වූ දොරටුවක හිරු කිරණ දකින තෙක් එක හිතක



නැවත හමු වෙන තෙක් සුභ කලක්....

3 comments:

Pramodh Theekshana said...

අතිතය වර්තමානය අනාගතය තුන් කල්
ගලපන්න බේ මට හිතෙන ලෙසට
නමුත් මකනු බෑරි අතිතයත්
නොදන්නා අනාගතයත්
විදින විදවන වර්තමානයත්
ප්‍රශ්නයකි අපි කාටත්....

සුබ පතුමි ඔබට තව ලියන්නට....!

Nevi said...

අපූරු අදහසක්.... හැමදාම හිරු උදාවෙනවා... නමුත් කිරන දකින්න නම් අපි කවුලුවක් විවර කරලා තියෙන්න වුවමනා වෙනවා නේද? ඉබේ දොරටු විවර වෙන්නේ නැති වේවි... ඔබට ජය..!!

cbc said...

ගලපන්න බැරි පදවැලක් ගැන සාර්ථක ගැලපුමක්!!!
සුභපැතුම්..