අද ක්‍රි.ව දෙදහස් නවය වර්ෂයේ මාර්තු මස දහහත් වෙනිදා, අඟහරුවාදාවක්.
"තොටිය, කවියක් කියන්න.."
තොටිය,
කවියක් කියන්න..
මගේ පාළුව මැකිලා යන්න..
සඳ එළිය වැටුනම
ගං දියේ රැළි වලට
පණ එනවා..
ගං ඉවුර මත ඉදගෙන
කොයි තරම් නම් අය
ඒ චමත්කාරය දිහා බලාගෙන
අනාගතයට
හීන මවන්න ඇත්ද
අත්වැල් බැදගෙන
තමන්ගෙම ලෝක වල
තනිවෙන්න ඇත්ද
ඔය හැමෝම අතරේ
ඒ සඳ
මං වගේ අයත් දකින්න ඇති
ගං දිය වගේම
ජීවිතයට ගලා යන්න
ඉඩ හැරපු..
තොටිය,
කවිය ලස්සනයි..
ඒත් මගේ පාළුව එහෙමමයි..
නැවත හමු වෙන තෙක් සුභ කලක්....
3 comments:
ගග දිගේ අත් පටලගෙන කෙතරම් අය යනන ඈතිද?
ඒ හෑමොම සතුටින් ගියාද..? ඒ අය තාම එහෙම යනව ද?
සෑබෑ ලොකේ අපට ඉතුරු වෙන්නෙ තනිකම පලුව විතරයි..!
තොට්යා උනත් මෙ හෑම දෙයක්ම දකින්න අති...
තනිකම ජිවිතය දෙකම හෑම දාම තියෙන්නෙ නෑ...
අපි ජීවත් වෙන්න ඔනෙ තනිකම නෙති කරගන්න ...
හරිම ලස්සනයි....!
තව තව ලියන්න ශක්තිය කාලය ලබේවා...!
අඩු වැඩි වෙමින් තනිය අපි හැමෝම හැමදාටම විදිනවා!
ඉතාමත් අනර්ඝ කවි පෙලක්.. අපිටම තමයි කවදා හරි අපේ පාලුව නැතිකර ගන්න පුලුවන්..!! ඒත් තනිවුන වෙලාවට තමන්ගේ හැගීම් භාවාත්මකව නිරූපණය වෙන ආකාරය හොදට දක්වලා තියෙනවා..
Post a Comment