Tuesday, March 31, 2009

"නිමා නොවන ගමන් මඟ.."

අද ක්‍රි.ව දෙදහස් නවය වර්ෂයේ අප්‍රෙල් මස පළමු වෙනිදා, බදාදාවක්.පළමුවෙන් කියන්න ඕන පහුගිය සටහන් වලට අදහස් දක්වපු හැමෝටම හුඟක් තුති.

"නිමා නොවන ගමන් මඟ"

මරණය අභියස
බිය නොවෙමි.

දිනෙන් දින ගලා යන ජීවිතය
ළඟා වෙයි මරණයේ දොරටුවට
ඒ පිටුපස ඇත තවත් එක් දොරටුවක්
නව ජීවිතයක ඇරඹුමට
නිමා නොවන මේ දොරටු තුළින්
ගමන් කරයි ඔබ,මම
සසර ඇනි තුරාවට
අත් නොහරියි අප
සංසාරගත එබැමි
නොහැකිව බිඳීමට
එහෙත් ඇත විඩාපත්ව
මේ නොනිමි ගමන තුළ
කාලය අවුත් ඇත
අත්හැරීමට එබැමි
නිමා කරනට
මේ නිමා නොවන ගමන් මඟ..


නැවත හමු වෙන තෙක් සුභ කලක්....

4 comments:

DoT [ . ] said...

අනිත් සෑම නිර්මණයන්ට වඩා වෙනස් එහෙත් ඒ පද වැල් වැනිම අපූරු පද පෙලක්.. හුඟක් ගැඹුරු ජීවිතය ගැන පදවැල් අපුරුවට ගලපා තියෙනවා.. සුභ පැතුම්
තව ලියන්න :)

උදිත ඉසුරංග said...

නිමා කළ හැක ගමන් මග
අවිදු අදුර දුරලු තැන.

Pramodh Theekshana said...

හරිම ලස්සනයි...වෙනස් ආකාරයක සටහනක්...ජීවිත බැදිම්වල ඇති ගැබුරු බව මනාව පෙනවාදි තියෙනවා සුබ පතනව ඔබට තව ලියන්න..

cbc said...

හරිම හරිම ලස්සනයි....සාර්ථක ගැලපුමක්....