Sunday, June 21, 2009

දැනෙයි මට කඳුලක බර..

අද ක්‍රි.ව දෙදහස් නවය වර්ෂයේ ජුනි මස විසි දෙවෙනිදා, සදුදාවක්.

"දැනෙයි මට කඳුලක බර"

දැනෙයි මට කඳුලක බර
අතුපතර විහිද ගිය
තුරු වියනක් යට හිද
සදාතනික ප්‍රේමයක නටඹුන්
විසිර ඇති විට සැම අත.
සියොතුන් නඟන ගී හඬ
පැතිර යන විට දස අත
සඳ මුවා වූ තැනින් අඳුරට
බලයි එබී හෙමිහිට.
කඩුපුල් මලක සුවඳ පැතිරුන
එක් නිශායාමයක
බලා හිඳියි මම
මේ අනන්ත වූ නිල් අහස දෙස.
සොඳුරුය ඒ අතීතය
මතකද සඳ කිඳුරු දා කව
පාරිශුද්ධය සදාතනිකය
සිහිල් සුළඟක් මෙන් හමා යන.
රැදෙයි නෙතඟ
කඳුළු බිදුවක් නොගිලිහුන.


නැවත හමු වෙන තෙක් සුභ කලක්....

1 comments:

Theekshana Wickramaratne said...

බ්දුන ආලය, සෙනෙහස
නිම් නොවන අතීතය
මවන සිතුවම්...
බ්දුන කැඩ්පතක
දකින වත සේ
එක් නොවේ කිසිදිනක...
වෙන්නොවන්නට එක්කලත්
හැම්විට...
එක්නොවෙ වෙන් වෙන්න පැතුනිසාවට
උරුමය මෙයනම්...
කරුමක් සේ සිතා පෙර කල
බාරගනු හැර කුමක් කරමුද
ආදරේ මාවත අදුරුනම්...!

හැමදාම වගේ නිසදැස ලස්සනයි... හිතට එන හැගීම ඔහේ ගලාගෙන යන්න ඉඩ හැරල තියෙනව..