අද ක්‍රි.ව දෙදහස් නවය වර්ෂයේ අගෝස්තු මස දහ නම වෙනිදා, බදාදාවක්. ඉතින් කාලෙකට පසුවයි සටහනක් ලියන්නේ.
ලියන්න ඕන කියලා කොයිනරම් අවස්ථා වල හිතුනත් ඇත්තටම ලියන්න ගන්නේ කලාතුරකින් වෙලාවක. එහෙම ලියන්න හිතෙන වෙලාවට එක පිට එක අදහස් ගලා ගෙන එනවා, ලියන්නේ මොනවද, ලියන්න ඕන ශෛලිය, මේ සියළුදේම, ඒත් ඒවායින් බාගයක්වත් ලියවෙන්නේ නෑ. මොකද හිතට අදහස් ගලා ගෙන එන වේගයෙන් ලියන්න කොහොමටවත් බැරි නිසා. මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න තියෙනවනම් බොහොම හොඳයි.
මොනා උනත් මේ නිසා අද ලියන්න හිතුනාම හිතට ආපු අදහස් මාතෘකා අනූව වෙන් කරලා කෙටි සටහනක් ලියා ගත්තා. හිතුනේ මොනාද කියලා ලියාගෙන යනකොට අමතක නොවෙන්න.
ඉතින් අද මට කාර්යාලයේ හරියටම කරන්න කියලා වැඩක් නෑ. ඇත්තටම මේ දවස් ටිකේම ඒ හැටි වැඩක් තිබුණේ නෑ. මාව, මම වැඩ කර කර හිටපු කණ්ඩායමේ ඉදන් වෙන කණ්ඩායමකට මාරු කරලා දැන් ටික දවසක්. ඉතින් වැඩ පුහුණුව අවසන් වෙනකම් මම ඉන්නේ සංක්‍රාන්ති සමයක. මම වැඩ කරන කාර්යාලයත් මහා පුදුම තැනක්. ඒත් ඒක ගැන වෙනම සටහනකින් ලියන්නම්.
කාර්යාලයේ වැඩ නැති උනත් ඉගෙනීම් කටයුතු වල වැඩයි, වෙන වැඩයි නම් ඕන තරම්. ඒ අතරතුරේ මගේ ලැප්ටොප් එකත් මැරිලා. ඒක හදා ගන්නත් සෑහෙන වෙහසකුයි කාලයකුයි යෙදෙව්වත්, තාම හරි ගියේ නෑ. ඉතින් ඒ ප්‍රශ්නෙත් ඔළුවේ "කුණු කුණු" ගාමින් තියෙනවා.
තාම ඉතින් ලියන්න හිතුන මාතෘකා ගැන මුකුත් ලිව්වේ නෑනේ. මට හිතුනා ඒවා ගැන වෙන වෙනම සටහන් ලිව්වොත් හොඳයි කියලා. ඒක නිසා මේ සටහන මෙතකින් අවසන් කරන්න හිතුවා.
මට හිතුන දේවල් ගැන දැන ගන්න ඊළඟ සටහන් එක්කත් එකතු වෙන්න..... :)
නැවත හමු වෙන තෙක් සුභ කලක්....
1 comments:
ලියන්න ලියන්න රසිකයො බලාගෙන ඉන්නේ අලුත් සටහන් පළවෙනකන්..
Post a Comment