Wednesday, August 19, 2009

"අටවක පුත්තු" සහ "අකුරු මං පෙත"

අද ක්‍රි.ව දෙදහස් නවය වර්ෂයේ අගෝස්තු මස දහ නම වෙනිදා, බදාදාවක්.

ඔන්න මම ආයෙත් ආවා.

පොත් කියන්නේ මගේ ජීවනාලි‍ය වගේ. හුඟක් වෙලාවට IIT වැල්ලවත්තෙයි (මම ඉ‍ගෙන ‍ගන්න තැන), කාර්යාලෙයි, ගෙදරයි විතරක් ගමනාගමනයේ යෙදෙන මට, පොතක් අතට ගත්තම ලෝක වටේ වගේම මගේම ලෝකයකටත් ගමන් කරන්න පුළුවන්. ඒක නිසා මාසයකට එක් වරක්වත් හොඳ පොතක් කියවන්න හැකි තරම් උත්සහ කරනවා.

ඉතින් අද මම සිංහල බ්ලොග් කියවනයේ අලුතින් තියෙන බ්ලොග් සටහන් කියවගෙන යනකොට තමයි පිටස්තරයා ලියපු "හෙටට පෙර අටවක පුත්තු" සටහන දැක්කේ. මගේ මතකයත් වසරකට විතර කලින් කියවපු "අටවක පුත්තු" පොතට ඇඳී ගියා. ඇත්තටම මම කියවලා තියෙන සිංහල, ඉංග්‍රිසි පොත් අතරින් සහ ඉන්දියානු, රුසියානු හා නානාප්‍රකාර පරිවර්තන පොත් අතරිනුත් කියවලා තියෙන විශිෂ්ඨම කෘතියක් තමා "අටවක පුත්තු". ජීවිතය ගැන යමක් ඉගෙන ගන්න, අවබෝධයක් ලබා ගන්න කියවිය යුතුම පොතක්.

පුළුවන් උනොත් යන්න ඕන නුගේගොඩ සරසවි නව ගොඩනැගිල්ලේ අද (අගෝස්තු 19 බදාදා) හවස 5.45ට පැවැත්වෙන "අකුරු මං පෙත" පස් වන වැඩසටහනට සහභාගි වෙන්න. මේ වැඩසටහන ගැන මීට කලිනුත් අහලා තිබුනට වැඩි විස්තරයක් දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. මේ පිළිබඳව සටහනක් තබපු පිටස්තරයාට බොහොම ස්තුතියි.

නැවත හමු වෙන තෙක් සුභ කලක්....

12 comments:

Palitha said...

අකුරුමංපෙත ගැන විස්තර බූන්දි එකෙන් දැනගන්න පුළුවන්...www.boondi.lk
එහෙම නැත්තං sankharan@gmail.com එකට මේල් එකක් දාන්න.
අද හවස 5.45 නුගේගොඩ සරසවියෙදි (අළුත් බිල්ඩිම) අකුරුමංපෙත තියෙනවා.ලියනගේ අමරකීර්තිත් සහභාගි වීමට නියමිතයි.

Hiranya said...

@Palitha තොරතුරු වලට ‍බොහොම ස්තුතියි.

deeps said...

ගිහින් ඇවිත් අපිටත් කියන්නකෝ

දුකා said...

eke vistara kiyala tawa blog ekak dammanam tmai hoda . . . me potha gna kiyapu ekata bohoema pin . .. haki ukmanata ganna oena meka . . .!

chamila_dealwis said...

අද එන්න බැරි වුනා නේද? අපරාදේ. ලියනගේ අමරකීර්ති මහත්මයත් ආවා.

කමක් නෑ. මීළඟ වැඩසටහනට එන්න. අලුත් අත්දැකීමක් වෙයි.

Hiranya said...
This comment has been removed by the author.
Hiranya said...

@chamila_dealwis ඇත්තටම මම අද සරසවියට 5.45 ට ආවා. ඒත් මට අද වැඩි වෙලාවක් ඉන්න පුළුවන් කමක් නොතිබුණු නිසා වැඩසටහනට සහභාගි උනේ නෑ. මම 6.05 ට විතර පිටවෙනකොට තමයි වැඩසටහන ආරම්භ උනේ. :)

ඊළඟ වැඩසටහන කවද්ද තියෙන්නේ?

Hiranya said...

@deeps සහ @දුකා වැඩසටහනට සහභාගි උන අවස්ථාවක ඒ ගැන ලියන්නම්.

@දුකා ඔව් පොත කොහොම හරි අරගෙන කිවන්න.

anjusview said...

අපරාදෙ... වැඩසටහනට සහභාගි වෙන්න පුළුවන් වුණා නම් ගොඩක් වටිනවා. පොත නම් අනිවාර්යෙන්ම කියවන්න.

ආගන්තුකයා said...

එන්න තිබුනු ගමනක්. කමක් නෑ ඊළඟ පාර සෙට් වෙමු.

Supun Sudaraka said...

කියන්න තියෙන දේ කට්ටිය කියලා තියෙනවා නෙව :) ඔව්, ඊළඟ පාර සෙට් වෙමු අනිවාර්යයෙන්ම!

chamila_dealwis said...

මීළග‍ පොත
මංජුල වෙඩිවර්ධනගේ

බත්තලංගුණ්ඩුව

දිනය සැප්තැම්බර් 09 බදාදා හවස 5.45ට
නුගේගොඩ අළුත් සරසවි යේ දෙවන මහලේදී

මේ සැරේ අනිවාර්යෙන්ම එන්න බලන්න. පොත අවශ්‍ය නම් මට (cs2respect [AT] gmail [DOT com) හෝ පාලිතට email කරන්න.