අද ක්‍රි.ව දෙදහස් නවය වර්ෂයේ සැප්තැම්බර් මස විසි අට වෙනිදා, සදුදාවක්.
"සුදු අරලිය මල් වැටුනු බිමක"
මේ මද පවන
මා වත කමළ
සිප ගන්නා
නිමේෂයක
මැවී නොපෙනෙනා
ඔබ රුව
රැගෙන යයි මා සිත
මතකයන් පිරි
ඒ අතීතයට..
අතැඟිලි පටලවා එකිනෙක
වෙරළේ අප ඇඳි පා රටා
මැකීගියේ රළ පහරට
සිහිනයන් මෙනි අප මැවූ අනාගතයට
හිරු බැස යන සොඳුරු සැදෑවක
වෛවාරණ අවන්හලක සිට
එකම තේ කෝප්පයක විදි රස
සදා ඇත මතකයේ මා හද තුළ
දෙඇඟිලි එක් කරන්නට
නොහැකි වූ කල්හි
මේ බිඳුනු සමාජය තුළ
සමුගෙන ගියා මතකයි
සිනහවක් මුවඟ රඳවා
කාලය ගෙවී ගොස්ය
එක් නර කෙසක් නොව බොහොමයකි
වාරු නැති දෙපයද හා සමඟ
තනිවමයි මා
එදා අද මෙන් හෙටද
සුදු රෙදි මතින් නැඟෙනා
කළු දුම් වළාවන්
පෙනෙයි මට
මවනා රටා අහස් කුස
සමුගෙන ඇත
අද නැවත ඔබ
එනමුදු එකටමයි
අප දෙදන
මේ සංසාරය
පවතින තුරාවට
නැවත හමු වෙන තෙක් සුභ කලක්....
5 comments:
lassana padha waelak... :)
@Dulanja ස්තූතියි..
ජීවිතය, සාදා නොමියෙන ආදරය..වේදනා බර විරහව, එකට මුසු කල අර්තවත් පදපෙළක්..!
@ප්‍රතිව් ස්තුතියි අයියේ..
කියන්න වදන් නැති පද වැලක්. හරිම ලස්සනයි.
Post a Comment