""ගෝරා මට ස්ථිරවම කියන්න පුළුවන් කෙනෙකුගේ ගති ස්වභාව එක් මොහොතකින් අවදි කරන උපාය ආදරය බව. මොන කාරණයක් නිසා හරි අපි අතර නියම ආදරය ඉතා දුර්ලභයි. ඒ නිසයි, අපි හැම දෙනාටම සම්පූර්ණ අවබෝධය ලැබෙන්නේ නැත්තේ. අපේ අභ්‍යන්තරයේ මොනවද තියෙන්නේ කියලා අපි දන්නේ නෑ. අපි ඇතුළේ සැඟවිලා තියෙන දේ එළි දක්වන්න අපිට බෑ. අපි ඇතුළේ එක් රැස්වෙලා තියෙන දේ වැය කරන්න අපිට බෑ.ඒ නිසයි හැම තැනම මේ වගේ අසහනයක් පවතින්නේ. ඒ නිසයි අපේ අභ්‍යන්තරයේ තියෙන මහත්මා ගති ගෝරා වගේ දෙතුන් දෙනෙකුට විතරක් තේරෙන්නේ. සාමාන්‍ය මිනිසුන්ට ඒ ගැන හැඟීමක් නෑ.""
ගෝරා
"කිසියම් සුභ ක්ෂණයකදී ස්ත්‍රි පුරුෂයන්ගේ ප්‍රේමය ඇසුරු කරගෙන වචනයෙන් කිව නොහැකි එක්තරා අසාමාන්‍ය මිනිස් ස්වභාවයක් මතුවන බව විනය පැවසූ විට ගෝරාට පෙර මෙන් සිනාසී ඒ කථාව ඉවත දැමීමට හැකි වූයේ නැත. එය සාමාන්‍ය හමුවීමක් නොවන බවද, ඒ ඇසුරින් ජීවිතයේ ඇති සියලු දේවල ඇති වටිනාකම වැඩිවන බවද විනය පැවසීය. එය කල්පනාවලට දේහයක් දී ඒ දේහයට ප්‍රාණය පුරවන බවද, එය ප්‍රාණය තුළ ප්‍රාණය ද, මනස තුළ චින්තනයද, දෙගුණ කරනවා පමණක් නොව ජීවිතයට නව රසයක් ලබා දී අභිෂේක කරන බවද ගෝරා සිතින් පිළි ගත්තේය."
රවින්ද්‍රනාථ ඨාකූරයන්ගේ "ගෝරා" මා වැඩියෙන්ම ආදරය කරන නවකතාවයි. මේ, චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි විසින් පරිවර්තිත එම නවකතාවේ උපුටා ගැනීමකි.

"ගෝරා නිසැක වශයෙන්ම රවින්ද්‍රනාථ ඨාකූරයන්ගේ විශීෂ්ඨතම නවකතාවයි. මේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථය අද අන් කවරදාටත් වඩා අපට අදාළය." - විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
5 comments:
really, It's great.
මම මෙක බැලුවේ බොහෝ කාලයකට පෙර . . . ස්තූතියි නැවත මතක් කිරීම ගැන . . ආයේ පාරක් කියවන්න ඕන . . . ! !
@kasun thanx..
@දුකා මාත් මේ පොත මුලින්ම කියෙව්වේ අවුරුදු 10කට විතර ඉස්සර.. එදා ඉදන් අද වෙනකම් කිහිප වතාවක්ම කියවලා තියෙනවා...
ගෝරා පොත තරම් ලස්සනට මිනිස්සුන් ව විස්තර කරන මිනිස්සුන්ට ආදරේ කරන පොතක්! මම ආදරෙයි ඒ පොතට!
Post a Comment