Thursday, November 19, 2009

"නුඹ පුතු දුටු දින මවක වුනෙමි මම"

අද ක්‍රි.ව දෙදහස් නවය වර්ෂයේ නොවැම්බර් මස විසි වෙනිදා, සිකුරාදාවක්.

"නුඹ පුතු දුටු දින මවක වුනෙමි මම"

රළ බිඳෙනා වැව් ඉස්මත්ත මත
තනිකඩව පා නගනා සැදෑවක
ඒ කෙළිලොල් වූ දෙනයන හා සිනහව
දුටිමි මම එක් මොහොතකට

ඒ නුඹේ දෙනයනයි ඒ නුඹේ සිනහවයි
ඒ නුඹේම පුංචි රුවයි
නැත වරදින්නේ මා හට කිසිදින
ඒ නුඹේම පුංචි පුතු බව සැක නැත

ඈත ක්ෂිතිජය වෙත අත දිගු කොට
කුමක්දෝ ඇසූ විට ඒ නෙත් ලොකු කර
ගෙන දෝතින්ම ඔහුව තුරුලට
පැවසීය නුඹ යමක් සිනහව

මුවා වී නුග රුකට නොසෙල්වී
නැරඹුවෙම් ඔබ තිදෙන කෙළිකම් කරන අපූරුව
සොඳුරු පවුලක මිහිරියාව
නංවමින් මතකයට බොඳව ගිය ඒ සොඳුරු සිහින

පෙර ඔබේ පෙම්වතිය වී සිටි දින
පෙරුම් පිරුවෙමි මමද දින දින නිබඳව
කෙදිනක හෝ ලබන්නට මාතෘත්වය
විදිමින් නුඹේ පහස සැම දින

මද පවන දසත පැතිරෙනා නිමේෂයක
නොහැකිද මටත් මවක වන්නට
නුඹ පුතු නලවමින් මොහොතකට
බොඳව ගිය සිහින වෙනුවෙන් සිත පුරාවට



නැවත හමු වෙන තෙක් සුභ කලක්....

8 comments:

.::පිස්සා::. said...

ලස්සනයි නංගි ...

ප්‍රතිව් said...

හැමදාමත් කියනව වගේ කියන්න තියෙන්නේ හරිම ලස්සනයි ඒ වගේම හිතට ගොඩාක් දැනෙනව මෙ නිසදැස
සුබ පැතුම්

Poo said...

:)

Hiranya said...

@.::පිස්සා::. , @ප්‍රතිව් , @Poo ස්තුතියි..

නිශාන්ත අනුරුද්ධ said...

elama ela..

nice going....

/Nishantha

Hiranya said...

@නිශාන්ත අනුරුද්ධ ස්තුතියි..

Hipo said...

Lovely

දුකා said...

හරිම ලස්සනයි නගේ . . .

ඒත් සිහින වලට ඊහ්ම බොඳ වෙන්න දෙන්න එපා . .

ලෝකේ හොඳ අය ඉන්නේ එක්කෙනෙක් විතරක් නෙමෙයි . .