අවුරුද්දකටත් වැඩිය වැඩි කාලෙකට පසුව ලියන්න හිතුනම මට හිතුනා හැමදේම වෙනස් කරන්න ඕන කියල. ඉතින් අලුත් නමක්, අලුත් පසුබිමක් එක්ක මම ආයෙම ආවා. මේ අවුරුද්දට කොච්චර නම් දේවල් උනාද, ඒත් ඉතින් ඒ හැමදේම ගැන කියන්න දැන් වෙලාව නෙමෙයි. ලියන්න ඕන උනත් පද ගැලපෙන්නේ නැත්තම් මොනව කරන්නද?
මම කෝපි වලට කවදත් කැමතියි. තේ වගේ නෙමෙයි කෝපි බිව්වම මට හිතට සැහැල්ලුවක් දැනෙනවා. සීනි අඩුවෙන් දාලා බොන තිත්ත කෝපි කවදත් මට රහට දැනෙන්නේ ඒ සැහැල්ලු බව නිසා වෙන්න ඇති.
නැවත හමු වෙන තෙක් සුභ කලක්....

0 comments:
Post a Comment